Saturday, September 23, 2017

නීතිඥයෙකු වෙන්න ක්‍රම 3ක්

අද කතා කරන්න යන්නේ කොහොමද නිවැරදි විදිහට ,නිවැරදි  ආකාරයට නීතිඥයෙකු වෙන්නෙ කියන එක ගැන.අපි ගොඩක් දෙනෙක් නීතිඥයා කියන වෘත්තීයට ගොඩක්  ඇලුම් කරනවා.මොකද එම වෘත්තියට හිමිවෙලා තියෙන තැනක්  ඇතැම් වෙලාවට වෙනත් කිසිදු වෘත්තියකට හිමි නොවුණු තරම්.එනිසා බොහෝ දෙනෙකු සිහිනයක් වෙලා තියෙනවා මේ කියන නීතිඥ වෘත්තිය.මේ වෙද්දි ඔබට සිහිනයක් නැත්තම් ඔබේම කියන සිහිනයන් ගොඩ නගා ගන්න දැන් කාලය ඇවිත් ඉවරයි.ඔයා උසස් පෙළ හිතුව තරම් ඉහලින් පාස් වෙන්න බැරි වුනා නම් ඒ කනගාටුව පැත්තකින් තියන්න. මේ ඒකට හොඳම කාලයයි.ඇතැම් විට මෙම ලිපිය නිසා ඔබ තුළ පැවති මිත්‍යා මත බොහොමයක් හමාර වී යන බව ඔබට මෙම ලිපිය අවසානයේදී ඉතා හොඳිීන් සනාථ වෙයි.එහෙනම් අපි අද මේ නීතිඥ වෘත්තියට පිවිසෙන්නේ,  ඒක වෙන්නෙ කොහොමද කියන එක පිළිබඳව පුළුල් ආකාරයෙන් කතා කරමු.

1.නීතිඥ වෘත්තියට පිවිසෙන්න තියෙන ක්‍රම මොනවාද ?

    මේ ගැන කතා කරද්දී නීතිඥ වෘත්තියට පිවිසෙන ක්‍රම තුනක් තියෙනවා.
      1. විවෘත විශ්ව විශ්ව විද්‍යාලය මගින් සම්පූර්ණ කරනු ලබන උපාධිය.
     2.නීති විද්‍යාලය මඟින් සම්පූර්ණ කරන උපාධිය.
     3.උසස් පෙළ ඉහළම z score අගය මත.


2.විවෘත විශ්ව විද්‍යාලය (LL.B) මගින් සම්පූර්ණ කරනු ලබන උපාධිය කියන්නේ මොකක්ද ?,ඒ සදහා තියෙන්න ඕනි සුදුසුකම් මොනවාද?

     විවෘත විශ්ව විද්‍යාලය කියන්නේ ඔයාට ඉතාමත් පහසුවෙන් ඔයාගේ නීතිඥ වෘත්තියට පිවිසෙන පුළුවන් මේ තියෙන ක්‍රම අතරින් ඉතාම සුවිශේෂී ලේසිම ක්‍රමයයි.මොකද ඔබට මෙහි දී සති අන්ත පාඨමාලා සති අන්ත දේශන තුළින් අවුරුදු හතර හමාරකට ආසන්න කාල සීමාවක දී නීතිඥ වෘත්තියට පිවිසීමට හැකියාව ලැබෙනවා .ඔබට රැකියාවක් කරන ගමන් එහෙමත් නැත්නම් තවත් ප්‍රධාන උපාධියක් හදාරන ගමන් වුනත් ඔබගේ නීතීඥය සිහිනය සැබෑ කරගන්න පුළුවන්.
         ඒ සඳහා ඔයාට තියෙන්න ඕන උසස්පෙ පෙළ S සාමාර්ථ තුනක්.ඒක ඕනෑම විෂය ධාරාවකින් උනාට 
ප්‍රශ්නයක් නෑ.මේකට සාමාන්‍ය පෙළ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාවට C අවශ්‍ය නොවේ.කොටින්ම කීවොත් ඉංග්‍රීසි අසමත් වෙලා තිබ්බ කියලා ප්‍රශ්නයක් නෑ.හැබැයි උසස් පෙළ විෂයන් සදහා අවම SSS (S3)තියන්න ඕනෑ.
       මෙය විවෘත විශ්ව විද්‍යාල එනම්රුලංකවේ කුරුණෑගල ,කොළඹ ,අනුරාධපුර ,ගාල්ල,යාපනය වගේ නගර කිහිපයක දකින්න තියනවා.ඒ නිසා කොහෙත්ම ඔබට ඔබේ උපාධි සිදුකර ගැනීමට බාධාවක් වෙන්නෙ නෑ .
     මෙම ආයතනය සදහා විභාගයට අයදුම් පත් කැඳවන්නේ දෙසැම්බර් අග සිට ජනවාරි මාසය පුරාවට.ඒ  සදහා  අයදුම්පත් විවෘත විශ්ව විද්‍යාල ශාඛා වලින් ලබාගන්න පුළුවන් . විභාගය පෙබරවාරි මැද හෝ අග දී පවත් වනු ලබයි.

3.නීති විද්‍යාලය මගින් නීතිඥ වෙන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද ?
    නීති විද්‍යාලය මගින් නීතීඥයෙක්  වෙන්න තියෙන  ක්‍රම අතරින් තියෙන සාර්ථකම ක්‍රමයක් විධියට හදුන්වා දෙන්න පුළුවන්.අවු. 04 ටත් අඩු කාලයකින් ඔයාට නීතිඥයකු වෙන්න පුලුවන්.මෙම ක්‍රමය තුලින් ඔබ විභාගයට මුහුණ දෙන්න නම්  උසස් පෙළ අවම S තුනට අමතරව,සාමාන්‍ය පෙළ විභාගය සදහා අවම C සාමාර්ථයක් තියෙන්න ඕනැ.විභාගය අගෝස්තු අග පවත්වයි.
4. මේ සදහා  පවතින අනික් ක්‍රමය නම් 
            උසස් පෙළ විභාගය තුලින් ලබා ගන්න ඉහලම z අගය මත පදනම් වුන ක්‍රමයයි. ඒ ක්‍රමය තුලින් කොළඹ,පේරාදෙණිය ,යාපනය වගේ විශ්ව විද්‍යාල සදහා ඇතුලු වෙන්න පුලුවන්.නමුත් මේ ක්‍රමය අපහසු ක්‍රමයක් වනු නියතය.

        මෙම ක්‍රමයන් තුලින් සාර්ථක ක්‍රමයක් ලෙස ඉහතින් දැක් වු ක්‍රම දෙක පෙන්වා දෙන්න පුලුවන්.z අගය මතය මත පදනම් වු ක්‍රමය සෑම අයෙකුටම කිරීමට අපහසු ක්‍රමයකි.එම නිසා මෙම ක්‍රමයන් අතරින්ද නීති වීද්‍යාලය හරහා ලබා ගන්න උපාධිය ඉතාමත් කෙටි කාල සීමාවකින් අවුරුද්දකට රු.6000/= වැනි ඉතාම ⁣සුලු මුදලක් ගෙවා සිදු කරගෙන යා හැක. විවෘත විශ්ව වීද්‍යාලය තුලින් ඔබගේ උපාධිය සිදු කරන්නේ නම් ඒ සදහා මාසිකව රුපියල් 3000(වර්ථමාන ගාස්තුව),ගෙවීමට සිදු වේ.නමුත් නිදහසේ ඔබගේ වැඩ කටයුතු අතර දී වුවද උපාධිය සිදු කරගෙන යා හැක.
    මෙම කුමන ක්‍රමයකින් වුවද ඔබට නීතිඥයකු විය හැකි නම් ඔබගේ ජීවිතය වෙනස් වනු නියැතය.මේ සම්බන්ධව පවතින ගැටලු යටින් කමන්ට් කරන්න.
                                                                                 
                                     -දුමින්ද නාමල්-
       

Sunday, September 17, 2017

ලොක්කාගේ පැටිකිරිය





ලෝකෙට ලොක්කා නැත්නම් ඇමරිකාවේ ජනාධිපති ගැන දැනගන්න කවුරුත් උනන්දුයිනේ.ඇමරිකාවේ 45 වෙනි ජනාධිපති විදියට ඉතිහාසගත වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්  ජනාධිපතිවරයා.එයා ඉතිහාසගත වෙන්නේ ඒ හේතුව හින්දා විතරක් නම් නෙවෙයි.එදා මෙදාතුර ධවල මැදුරෙන් බිහි වූ සුවිශේෂී ම ජනාධිපතිවරයාගේ තවත් සුවිශේෂී කරුණු කිහිපයක් අද ඔයාලා ඔක්කොටම දැනගන්න මම කියන්නයි යන්නේ.

අහගන්නකෝ...ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ධනවාදයට තැන දෙන කෙනෙක්.එයා බලයට ආවෙත් ඇමරිකානුවන්ට රැකියා අවස්ථා උදා කිරීමේ පොරොන්දුවත් එක්ක.ඒ හින්දා ඇමරිකානු නිෂ්පාදන නවතා දැමීමට හේතු වූ නිදහස් වෙළඳාමට එයා ගොඩක් විරුද්ධව විවේචන එල්ල කරා.1930 දී ඇමරිකාවේ බලයේ හිටපු හර්බට් හුවර් ජනාධිපතිවරයා තමයි අවසාන වතාවට මේ ප්‍රතිපත්ති අනුගමනය කරේ.ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුලබ ලක්ෂණයක් වෙච්චි මේක ආයේ කරලියට ගෙනාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

2015 සැප්තැම්බර් වල "ඉකොනොමිස්ට්"සඟරාවට ප්‍රකාශයක් කරලා තියෙනවා"චීනය අපිව විනාශ කරමින් ඉන්නවා.ඇමරිකානුවන්ට මේ කොල්ලකෑම එපාවෙලා"කියලා.ඒ විතරක් නෙවෙයි චීන ආයතන වලට වැට බඳින්න 12%ක ආනයන බද්දක් පනවන්නත් අදහස් කරනවා කියලා ඹහු ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ වගේම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුළ දී අනතුරු ඇඟෙව්වේ කැනඩාව,මෙක්සිකෝව හා ඇමරිකාව කියන රටවල් අවුරුදු 23 ක කාලයක් සඳහා එකඟතාවයට පැමිණි නැෆ්ටා නිදහස් වෙළඳ ගිවිසුමත් ඉරා දමන බවයි.

ඒ වගේම ඇමරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් කරපු ෆැසිපික් වෙළඳ ගිවිසුම ධවල මන්දිරයට යන මුල් දවසෙම අවලංගු කරනවා කියලා ඔහු ප්‍රකාශ කරා.ඔන්න ඔහොමයි ලෝකෙට ලොක්කා නිදහස් වෙළඳාමට වෛර කරන්නේ.

ඊළඟට තමයි හොඳම හරිය.සුරතල් සත්තු ඇතිකරන්න අපි කවුරුත් කැමතියිනේ ඉතින්.ලෝකෙට ලොක්කා වුනත් ඒකේ වෙනසක් නෑ.ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වෙන්නේ සියවසකට අධික කාලයක් තුළ ධවල මන්දිරයට සුරතල් සත්තු වද්ද නොගත්ත පළමු ජනාධිපතිවරයා ලෙසයි.ඔහු ගෝල්ඩන් ඩූඩල් වර්ගයේ සුනඛයෙකු රැගෙන ඒමට පැවති සැලැස්මක් ද අතහැර දැමූ බව කියවේ.ජනාධිපතිවරුන්ගේ කෞතුකාගාරය කියන විදියට හැම ජනාධිපතිවරයෙකුටම වගේ සුරතල් සත්තු සිටි අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සත්තු හිටිය බව සඳහන් වෙනවා.

මේ අතරේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි කැපී පෙනෙන්නේ සාසා නැමති හාවෙකුගේ ඉඳලා කැනරි කුරුල්ලෙකු දක්වා විවිධ සත්තු ඇති කිරීම හේතුවෙන්.
ඒත් 1923 සිට 1929 දක්වා ධවල මන්දිරයේ වාසය කළ කැල්වින් හා ග්‍රේස් කුලීජ් දෙන්නට සත්තු වත්තක් වගේ විශාල සත්තු සංඛ්‍යාවක් හිටි නිසා මේ කරුණේ දී ඔවුන් පෙරමුණ ගන්නා බව කෞතුකාගාරය කියනවා.එයාලා කියන විදියට බූරුවෙක්,සුනඛයන් දහ දොලොස් දෙනෙක්,ඹස්ට්‍රේලියානු වොලබියෙක්,විදේශ වලින් තෑගි ලැබුණු සිංහ පැටව්,බිලී නම් වූ හිපෝ කෙනෙක් හා කළු වලසෙක් ද ඔවුන් සතුව සිටි බව කියවේ.

ජනාධිපති ආර්යාව ගැන දැනගන්නත් කස්ටියට ඉවසිල්ලක් නැතුව ඇති.දන්නවනේ ඉතින් මෙලනියා.ඇමරිකාවෙන් පිටත උපත ලද දෙවනි ජනපති ආර්යාව වන්නේ ඇයයි.1825 සිට 1829 දක්වා ඇමරිකාවේ හයවැනි ජනාධිපති පදවිය දැරූ ජොන් ක්වින්සි ඇඩමිස් ගේ බිරිඳ මෙහිදී මුල් තැන ගනී.ඇය ඉපදිලා තියෙන්නේ ලන්ඩන් නුවර.ස්ලෝවෙනියාවෙන් පැමිණ  ජනාධිපති බිරිඳක් වුණු පළවෙනි කාන්තාව මෙලනියා වන අතර උපතින් ඉංග්‍රීසි භාෂාව කතා නොකරන පළවෙනි ජනාධිපති ආර්යාව වන්නේ ද ඇයයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලින් දෙපාරක් විවාහ වෙලා තියෙන හින්දා ධවල මන්දිරයට ආපු ප්‍රථම තෙවැනි බිරිඳ වන්නේ ද ඇයයි.දික්කසාදව සිටි අනෙක් ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ රොනල්ඩ් රේගන් වන අතර ඔහු තම පළමු බිරිඳ වන ජේන් වයිමන් කියන නිළියනේ වෙන්වෙලා තියෙන්නේ ජනාධිපති පදවියට පත්වෙන්න කලින්.
ඒ වගේම චැඩිම භාෂා ගනනක් කතාකරන පළවෙනි ඇමරිකානු ජනාධිපති ආර්යාව වෙන්නෙත් මෙලනියා.ඇයට ඉංග්‍රීසි,ප්‍රංශ,ස්ලෝවේනියානු,ජර්මන් හා සර්බියානු භාෂාව හොඳින් හසුරවන්න පුළුවන්.


ඒ විතරක් නෙවෙයි නිරුවත් නිරූපිකාවක් වෙලා ඉඳලා ජනාධිපති ආර්යාවක් බවට පත් චු පළවෙනියා වෙන්නෙත් මෙලනියා.2000 අවුරුද්දේ ඇය සඟරා කිහිපයක් සඳහා නිරුවත්ව පෙනී ඉඳලා තියෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ද 1990 පිරිමින් සඳහා වූ "ප්ලේ බෝයි" සඟරාවේ පෙනී ඉඳලා තියෙනවා.
මේ වගේ කරුණු රාශියක් නිසාවෙන් ලෝකෙට ලොක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් නොදෙවනි වෙන්නේ කාටද කියලා හිතෙන එක පුදුමයක් නෙවෙයිනේ.

                                                                              -ධනුෂ්ක ප්‍රසාද්-

Saturday, September 9, 2017

හඳුන්කූරු වලින් දුක දිනා ජීවිතය ජයගන්න-ස්වයං රැකියා තල්ලුව

ඇත්තටම මෙම ලිපි පෙළ ලිපි පෙළ තුලින් අපේක්ෂා කරන්නේ රැකියාවක් කරන ඔබට අමතර රැකියාවක් හෝ රැකියාවක් නො කරන ඔබට ස්ථිර රැකියා අවස්ථාවක් ලෙස ස්වයං රැකියාවක් හඳුන්වා දීමයි .ඔබ ඇතැම් විට හදුන් කූරු මිලදී ගන්නේ නිවස අසල ඇති කඩයෙන් හෝ වෙළෙඳ පොළෙන් වන්නට පුළුවන.නමුත් ඔබ දන්නවාද එම හදුන්කූරු ඔබ අතට පත්වන ආකාරය.එම හදුන්කුරු ඔබ අතට පත්වන විට එම නිෂ්පාදකයන් සහ අතරමැදියන් දිනෙන් දින දියුණු වී හමාරය.එ සේ නම් ඔබටත් එවැනි සිහිනය තිබෙන්නට හැක.නමුත් ඔබට ඇති ප්‍රශ්නය ඒ ආකාරයෙන් හඳුන්කූරු සාදන්නේ කෙසේද ,මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද වැනි තාක්ෂණික උපදෙස් ය.එසේ නම් ඔබට එම අවශ්‍ය සියලු ම තාක්ෂණික උපදෙස් මෙම ලිපිය මගින් ලබා දීමට අප සුදානම් .ඇතැම් අය සිදු කරනවා මෙන් මුද්දර දැමූ ලියුම් කවරයක් අපට අවශ්‍ය නැත.තාක්ෂණික උපදෙස් ලබා දීමට අපට කිසිදු මුදලක් ද අවශ්‍ය නැත.එම අවශ්‍ය උපදෙස් සියල්ල ම මේ තුළින් ඔබට වටහාගත හැකිවෙයි .

  අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?
  •  1.අඟුරු කුඩු කිලෝග්‍රෑම් එකයි.
  •  2.ලී කුඩු කිලෝග්‍රෑම් එකයි.
  •  3.පට්ටා කිලෝ එකයි.
  •  4.සුදු හඳුන් කුඩු ග්‍රෑම් ග්‍රෑම් 500 යි.
  • 5.සාම්බ්‍රානි කුඩු ග්‍රෑම් 500 යි .
  • 6.උණ කුරු අවශ්‍ය ප්‍රමාණයක්
  • 7.jesmine හෝ වෙනත් සුවඳ 150ml.
  • 8.white ඔයිල්  200ml
  • 9. සැවැන්දරා කුඩු ග්‍රෑම් 500 යි.
  • 10.ලී කුඩු කිලෝ එකයි.

සාදන ක්‍රමය.
 1. ලී කුඩු, පට්ටා ,අඟුරු, සැවැන්දරා සහ සාම්බ්‍රානි ආදිය කුඩුකර පෙනේරයෙන් හලා ගන්න. 

2.වතුර සමඟ මිශ්‍ර කරමින් තලපයක් සේ සියල්ල එකට මිශ්‍ර කොට සකස් කර ගන්න.

3.දියාරු නොවන ආකාරයට සාදා ගත් මෙම තලපයෙන් කඩා ගත් කුඩා කොටසක් හොඳින් මදින ලද ලෑල්ලකට යළිත් තලපයක් සේ තවරා ,උණ කූරු ඒ මත තබා අත්ලෙන් එක් පැත්තකට අඹර වන්න .එවිට ඔබ දැක ඇති හඳුන්කූරු  සේ එම  තලපය උණ කූරු වලට ඇලෙයි.

4.මිශ්‍රණය ඇලුණු උන කූරු අව්වේ තබා හොඳින් වියළා ගන්න.


සුවදවත් කර ගන්නේ කෙසේ ද ?

  jesmine හෝ වෙනත් සුවද වර්ගය සහ white oil කොටස් 1 1/2 ක් එකට මිශ්‍ර කොට ස්ප්‍රේ යන්ත්‍රයක්  මගින් එම මිශ්‍රණය හඳුන්කූර⁣ට ස්ප්‍රේ කරන්න .
(ස්ප්‍රේ යන්ත්‍රයක් නැති වුවද අදාළ මිශ්‍රණයට හඳුන්කූරු බහා ගැනීමෙන්  කාර්යය පහසු කර ගත හැකිය.එහෙත් එසේ කිරීමෙන් සුවඳ මිශ්‍රණ වැඩි ප්‍රමාණයක් වැය වේ .)

  සුදු සව්  කඩදාසි වල දවටා පැකැට්ටුවක බහා ගත්  කූරු 25 ක් හෝ 50 ක් වශයෙන් වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකිය .හිස් දවටන අවශ්‍ය නම් ඒවා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලදී මිලදි ගත හැක .
 

 වැදගත් 
කොටස් වශයෙන් සඳහන් කර ඇති හඳුන් කූරු සාදා ගැනීමේදී කරගන්නා ද්‍රව්‍ය කොටස් මැනීම සඳහා උපයෝගී කරගන්නා භාජනයෙන් කොටස් 6, 12 ක් වශයෙන් මැන ගන්න.එලෙසින්ම කුඩු දියරයද මැන ගන්න.

රාජ්‍ය සේවා විභාග සඳහා සාමාන්‍ය දැනීම මුක්කුව- 03 SLAS

සාමාන්‍ය දැනීම අඩංගු වූ අපගේ තෙවන ලිපිය මේ ආකාරයෙන් ඔබ සඳහා දිග හැරෙයි.එසේම අපගේ පළමු හා දෙවන ලිපි මෙම අඩවිය තුලින් සොයා කියවන්න.එසේම අපගේ පළමු ලිපියේ මෙන්නම දෙවෙනි ලිපිය ද අපගේ කියවන්නන්  විශාල ප්‍රමාණයක් තමාගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගෙන , නොමැති නම් share කරගෙන තිබුණි.ඒ සඳහා අපගේ විශේෂ ස්තූතිය ඔවුන් වෙත පුද කර සිටිමු.එය දැනුම් පිපාසයෙන් සිටින සියලු දෙනාටම විශාල ශක්තියක් ආශිර්වාදයක් වනු නිසැක ය .අප පෙර සඳහන් කළා මෙන්ම ප්‍රශ්ණ දස දහසකට අධික සංඛ්‍යාවක් මෙම ලිපි පෙළ තුලින් ඔබට දායාද කිරීමට අප සූදා නම් අප හා එක්ව සිටින්න.

01.2016 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු සහකාර  රාජ්‍ය ලේකම් කවුද ?
   නිශා බිස්වාල් 

02. මෑතකදී හදිසි ප්‍රතිකාර ගිලන් රථ ශ්‍රී ලංකාවට ලබා දුන් රට කුමක්ද ?
  ඉන්දියාව 

03.2018 දී ඉදිරිපත් කළ අයවැය සලකන්නේ කී වෙනි අයවැය ලෙස ද ?
   70

04. බ්‍රිතාන්‍ය රජය මගින් ශ්‍රී ලංකාවට එවන ලද මුල්ම ආණ්ඩුකාරවරයා කවුරුන්ද ?
   ෆෙඩ්රික් නෝර්ත්




05.මීගමුව දුම්රිය මාර්ගය විවෘත කළේ කවදාද?
   1908





06.ශ්‍රී ලංකාවේ දෙවන තාප විදුලි බලාගාරය ඉදි කරනු ලබන්නේ කුමන ප්‍රදේශයක ද ?.
   සාම්පූර් 

07.ශ්‍රී ලංකාවේ තවමත් සක්‍රීයව පවතින කෝප් කමිටුව යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?
  පාර්ලිමේන්තු රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කමිටුව 

08.ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා වූයේ වුූයේ කවුරුන් ද ?
   ඒ. එෆ්.මොලමුරේ 





09. ලංකාවේ ප්‍රථම ජනසතු ව්‍යාපාරය කුම ද ?
     ප්‍රවාහන සේවය





10.බුත්සරණ ග්‍රන්ථය රචනා කළේ කවුරුන් විසි ද ?
    විද්‍යා චක්‍රවර්ති විසිනි.





11.තාප ගතික උෂ්ණත්වය මනිනු ලබන ඒකකය හඳුන්වන නම කුමක්ද ?
    කෙල්විනය 

12.ජාත්‍යන්තර විශ්ව ළමා විද්‍යාත්මක සන්නිවේදන දිනය කවදාද?
  දෙසැම්බර් 11 





13.වෝලමෑන් දිය ඇල්ල පිහිටි රට කුමක්ද ?
   ඕස්ට්‍රේලියාව 





14.ලොව දිගම ගඟ කුමක්ද ?
  නයිල් ගග 
15.අවිහිංසාවාදයේ පියා කවුරුන්ද?
   මහත්මා ගාන්ධිතුමා






 16.  උගන්ඩාවේ භාවිතා වන මුදල් ඒකකය වන්නේ කුමක්ද?
 උගන්ඩා සිලිම්






17. මෑත කාලීනව ඉතා ම කතාබහට ලක්වූ christmas ක්‍රිස්මස් දූපත පිහිටා ඇත්තේ කුමන රටක් අසල ද ?
  ඕස්ට්‍රේලියාව 

18.ප්‍රංශ විප්ලවය ආරම්භ වූයේ කුමන වර්ෂයේදී ද ?
   ක්‍රිස්තු වර්ෂ 1789 දී






19.ජ්‍යාමිතියේ පියා කවුරුන්ද ?
   යුක්ලීඩ්






20.සෙම්ප්‍රතික්ෂාව බෝ කරන්නේ කවර පවුලට අයත් විස බීජයක් මගින් ද?
   වෛරස්(virus)


21.මිනිස් සිරුරේ ඇති වේගවත්ම ම ඉන්ද්‍රිය කුමක්ද ?
  ඇසි පිය 






22.ඉන්කාවරුන් ජීවත්වන ජීවත් වන රට කුමක්ද ?
  පීරු රාජ්‍යය 
  
23.2018 වර්ෂයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වන රට කුමක්ද?
   ඕස්ට්‍රේලියාව 

24.FAQ -ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේ ද ?
   ඉතාලියේ රෝම නගරයේ

25.මිනිස් සිරුරේ බහුලවම අඩංගු ප්‍රෝටීන කුමක්ද?
  කැලැජන්

  මේ ආකාරයට අපගේ තෙවන ලිපිය අවසන් වන අතර නැවතත් ලිපියකින් හැකි ඉක්මනින් අප හමුවෙමු.එසේ ම මෙම ලිපියෙන් ඔබ යම් දැනුමක් ලබා ගත්තේ නම් ඔබගේ අදහස් යෝජනා චෝදනා පහතින් ඇති කොටුව තුල ලියා යන්න අමතක කරන්න එපා.අනෙක් අය දැනුවත් කරන්න ඔබගේ සමාජ ජාල ජනමාධ්‍ය තුළ මෙම ලිපිය share කරන්න.එහෙත් තවත් අයෙකුට ඔහුගේ ගමන සාර්ථක කර ගැනීම සඳහා මහගු පිටුවහලක් වනු ඇත.එසේ නම් නිරන්තරයෙන්  tricks tricks books සමග සිටින්න.

Share on Facebook

Thursday, September 7, 2017

රාජ්‍ය සේවා විභාග සඳහා සාමාන්‍ය දැනීම මුක්කුව- 02

සාමාන්‍ය දැනීම ලබා දීම සිදු කරන ලිපි මාලාව යටතේ ලියැවෙන දෙවන ලිපියයි.අපගේ පළමු ලිපිය අප අපේක්ෂා නොකරන අන්දමට ඉතා විශාල පිරිසක් කියවීය.එසේම ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍ය තුළ නොසිතූ අන්දමට එය ශෙයා කර තිබුණි .එම ආකාරයට සමාජ ජාල මාධ්‍ය තුළ  මෙම ලිපි share කරනු ලැබු සියලු දෙනාටම මාගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමි.මන්ද  යත්  එම ශේයා කිරීම් සංඛ්‍යාව 60 කට අධික සංඛ්‍යාවක් ඉක්මවා ගොස් තිබීමයි.එසේ ම ලිපි සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ,ඔබ දන්නා කරුණු පහත ඇති කමෙන්ට් බොක්ස් එක තුල ලියා තබන්න .එසේම ඔබට මෙම ලිපි මාලාවේ පළමු වන ලිපිය කියවීමට  නොහැකි වූවානම් එය මෙතනින් ගොස් කියවන්න .එසේම පසුගිය ලිපියෙන් අසනු ලබන පහළින්ම ඇති ප්‍රශ්න සඳහා ඔබ පිළිතුරු සපයන්න.ටිප්ස් ට්‍රික්ස් බුක් .com අපේ ප්‍රාර්ථනාව ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .


1.අමාවතුර කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද ?
    ගුරුළුගෝමීන් විසිනි





2.ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඉරිදා දින අයත් වන්නේ කුමන ග්‍රහයාටද ?
    රවි ග්‍රහයාට





3.ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය පුහුණු ආයතනය හඳුන්වන කෙටි නම කුමක්ද ?
   NAITA





4.දම්පියා අටුවා ගැටපදය කරවන ලද්දේ කවුරුන් විසින් ද ?
    පස්වන කාශ්‍යප රජු විසින් 






5.ලංකාව තුළ ඇති ප්‍රසිද්ධ නිර්මාණ වන ඉසුරුමුණි පෙම් යුවල සහ සමාධි බුද්ධ ප්‍රතිමාව කරවන ලද්දේ කුමන රජ දවසක දීද?
   පළමු වන කාශ්‍යප 





6.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට අය-වැයක් ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද ?
    ජේ. ආර්. ජයවර්ධන මහතා






7.2015 වර්ෂයේ දී පැවැත් වූයේ ශ්‍රී ලංකාවේ කීවෙනි ජනාධිපතිවරණය ද ?
   7 








8.රාගම වෛද්‍ය පීඨය අයත් වන්නේය වන්නේ කුමන විශ්වවිද්‍යාලයටද ?
  කැලණිය විශ්ව විද්‍යාලයට






9. අවසන් වරට කොළඹට ගුවන් ප්‍රහාරයක් එල්ල වූයේ කවදාද ? 
   1942 අප්‍රේල් 5






10.ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වයස් සීමාව කොපමණද ?
   අවුරුදු 60 කි 






11. විජයබා කොල්ලය සිදුවුයේ  කුමණ වසරක දීද ?
   1512






12.නැගෙනහිර පළාත් සඳහා නම් කර ඇති පුෂ්පය කුමක්ද ?
  ගොඩමානෙල් 






13.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිහිටවන ලද්දේ කුමන දිනක දීද?
   1958 ජනවාරි පළමුවන දින (1958/01/01)







14.1948 අරාබියෙ බිහිවූ නව රාජ්‍යය කුමක්ද?
    ඊශ්‍රායලය 






15. ලෝකයේ පළමු වතාවට එල් ටී ටී ඊ සංවිධානය තහනම් කරනු ලැබු  රට කුමක්ද ?
   තායිලන්තය 






16. නවසීලන්ත රාජ්‍යයේ රාජ්‍යයේ ජනගහනය මෙන් තුන් ගුණයක් සිටින්නේ කුමන වර්ගයට අයත් සත්ව කොටස ද ?
     බැටළුවන්







17.හෝලිවුඩ් (Hollywood)පුරවරය පිහිටියේ කුමන නගරයේ ද ?
   ලොස් ඇන්ජලීස් හි los angeles හි 







18. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී පිරි නැමුනු රන් පදක්කම් සංඛ්‍යාව කොපමණද ?
    202 







19.ටී 56 ගිනි අවි නිපදවන රට කුමක්ද ?
     චීනය







20.ලෝක හෙපටයිටිස් දිනය කවදාද ?
   ජූලි 28 







21.බංග්ලා දේශය වෙනම රාජ්‍යයක් බවට පත් වූයේ කුමන වසරකදී ද ?(බංග්ලාදේශය පකිස්ථාන⁣යෙන් වෙන් වුයේ කවදාද  ?)
     1971







22.ලොව විශාලතම අර්ධද්විපය කුමක් ද ?
   ඉන්දියානු අර්ධද්විපය







23. ලෝකේවැඩිම ජල ප්‍රතිශතයක් ඇති රට කුමක්ද ?
   කැනඩාව







24. ලෝකයේ ලොකුම රට කුමක්ද?
    රුසියාව 







25.නිල වශයෙන් පිළිගෙන ඇත ඇති ලෝකයේ කුඩාම රට කුමක්ද ?
   වතිකානුව 
    
 
     මෙම ලිපි මාලාවේ දෙවන ලිපිය මෙතනින් අවසන් වන අතර .නැවත තවත් ලිපියකින් හමු වෙමු.ඔබගේ අදහස් යෝජනා චෝදනා පහතින් ඇති comment box එක තුල දමන්න.ඔබට හැකි නම් පමණක් මෙම ලිපිය සමාජ ජාල මාධ්‍ය තුළ තුළින් ප්‍රචාරය කර අන් අයටත් බැලීමට අවස්ථාව ලබා දෙන්න.ආර්ථික අපහසුතා  වන්ගෙන් බැට කන සියලු දෙනාටම ,  අවශ්‍යතාවයක් ඇති සියලු දෙනාටම එය ආශිර්වාදයක් වනු ඇත .අපගේ බලාපොරොත්තුව එයයි .



 පුශ්න


01.ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන ලද්දේ කුමන වසරේදී ද ?



02.දේශීය අධ්‍යාපනය තුළ ඇති විභාග ක්‍රමය ඇති කළේ කුමන වර්ෂයේදී ද ?



03.ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ආරම්භ වූයේ කිනම් වර්ෂයේ දී ද?



04.මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘතිය සඳහා නිධන්  වස්තු තැන්පත් කිරීම සිදු වූයේ කුමන  කවදා ද ?.



05. 2016 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද පළමු උදා ගම්මානය කුමක්ද ?



06.2016 වසරේදී ටෙස්ට් කඩුලු 300 පසු කරන ලද ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුරුන් ද ?



07.ඔබ ජීවත් වන රටේ නම කුමක්ද ?



08. 1848 කැරැල්ලේ දී ජාතිය වෙනුවෙන් දිවි පිදූ හිමි නම කවුද ?



09. විද්‍යෝදය පිරිවෙන වර්තමානයේ හඳුන්වන නම කුමක්ද?




10.ප්‍රථම වර්ණ චිත්‍රපටිය කුමක් ද ?


11.මෑතක දී තමාගේ මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ ඇමති වරයා කවුද ?


12. විජය කුමරු ලංකාවට ගොඩ බසින ලද්දේ කවදාද ?.



13.අද වන විට ලොව අධිකම ජනගහනය පවතින රට කුමක්ද ?




14.ඒන්ජල් දිය ඇල්ල පිහිටි රට කුමක්ද ?


15. ලොව කුඩාම මහද්වීපය කුමක්ද ?



16. ලොව විශාලතම රට සහ එය පිහිට පිහිටි මහද්විපය කුමක්ද ?



17. සිරියාවේ  භාවිතා වන මුදල් ඒකකය කුමක්ද ?




18.මේපල් වෘක්ෂය කිනම් රටක ජාතික වෘක්ෂය ද ?



19. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වාසය කරන නගරය කුමක් ද ?



20.මද්‍යසාර සෑදීමේදී නිපදවෙන වායුව කුමක්ද?



21.යුරෝපයේ කෙලිබිම කුමක්ද?



22.ආසියාවේ සුදු අලියා යන නමින් හඳුන්වන්නේ කුමක්ද ?



23.බංගලදේශය අගනගරය කුමක්ද ?



24.පකිස්තානයේ ජන සංඛ්‍යාවෙන්  විශාලතම නගරය කුමක්ද ?



25.  ලෝක ජෛව විවිධත්ව දිනය කුමක් ද?.

Share on Facebook