Thursday, September 7, 2017

රාජ්‍ය සේවා විභාග සඳහා සාමාන්‍ය දැනීම මුක්කුව- 02

සාමාන්‍ය දැනීම ලබා දීම සිදු කරන ලිපි මාලාව යටතේ ලියැවෙන දෙවන ලිපියයි.අපගේ පළමු ලිපිය අප අපේක්ෂා නොකරන අන්දමට ඉතා විශාල පිරිසක් කියවීය.එසේම ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍ය තුළ නොසිතූ අන්දමට එය ශෙයා කර තිබුණි .එම ආකාරයට සමාජ ජාල මාධ්‍ය තුළ  මෙම ලිපි share කරනු ලැබු සියලු දෙනාටම මාගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමි.මන්ද  යත්  එම ශේයා කිරීම් සංඛ්‍යාව 60 කට අධික සංඛ්‍යාවක් ඉක්මවා ගොස් තිබීමයි.එසේ ම ලිපි සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ,ඔබ දන්නා කරුණු පහත ඇති කමෙන්ට් බොක්ස් එක තුල ලියා තබන්න .එසේම ඔබට මෙම ලිපි මාලාවේ පළමු වන ලිපිය කියවීමට  නොහැකි වූවානම් එය මෙතනින් ගොස් කියවන්න .එසේම පසුගිය ලිපියෙන් අසනු ලබන පහළින්ම ඇති ප්‍රශ්න සඳහා ඔබ පිළිතුරු සපයන්න.ටිප්ස් ට්‍රික්ස් බුක් .com අපේ ප්‍රාර්ථනාව ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .


1.අමාවතුර කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද ?
    ගුරුළුගෝමීන් විසිනි





2.ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඉරිදා දින අයත් වන්නේ කුමන ග්‍රහයාටද ?
    රවි ග්‍රහයාට





3.ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය පුහුණු ආයතනය හඳුන්වන කෙටි නම කුමක්ද ?
   NAITA





4.දම්පියා අටුවා ගැටපදය කරවන ලද්දේ කවුරුන් විසින් ද ?
    පස්වන කාශ්‍යප රජු විසින් 






5.ලංකාව තුළ ඇති ප්‍රසිද්ධ නිර්මාණ වන ඉසුරුමුණි පෙම් යුවල සහ සමාධි බුද්ධ ප්‍රතිමාව කරවන ලද්දේ කුමන රජ දවසක දීද?
   පළමු වන කාශ්‍යප 





6.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට අය-වැයක් ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද ?
    ජේ. ආර්. ජයවර්ධන මහතා






7.2015 වර්ෂයේ දී පැවැත් වූයේ ශ්‍රී ලංකාවේ කීවෙනි ජනාධිපතිවරණය ද ?
   7 








8.රාගම වෛද්‍ය පීඨය අයත් වන්නේය වන්නේ කුමන විශ්වවිද්‍යාලයටද ?
  කැලණිය විශ්ව විද්‍යාලයට






9. අවසන් වරට කොළඹට ගුවන් ප්‍රහාරයක් එල්ල වූයේ කවදාද ? 
   1942 අප්‍රේල් 5






10.ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වයස් සීමාව කොපමණද ?
   අවුරුදු 60 කි 






11. විජයබා කොල්ලය සිදුවුයේ  කුමණ වසරක දීද ?
   1512






12.නැගෙනහිර පළාත් සඳහා නම් කර ඇති පුෂ්පය කුමක්ද ?
  ගොඩමානෙල් 






13.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිහිටවන ලද්දේ කුමන දිනක දීද?
   1958 ජනවාරි පළමුවන දින (1958/01/01)







14.1948 අරාබියෙ බිහිවූ නව රාජ්‍යය කුමක්ද?
    ඊශ්‍රායලය 






15. ලෝකයේ පළමු වතාවට එල් ටී ටී ඊ සංවිධානය තහනම් කරනු ලැබු  රට කුමක්ද ?
   තායිලන්තය 






16. නවසීලන්ත රාජ්‍යයේ රාජ්‍යයේ ජනගහනය මෙන් තුන් ගුණයක් සිටින්නේ කුමන වර්ගයට අයත් සත්ව කොටස ද ?
     බැටළුවන්







17.හෝලිවුඩ් (Hollywood)පුරවරය පිහිටියේ කුමන නගරයේ ද ?
   ලොස් ඇන්ජලීස් හි los angeles හි 







18. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී පිරි නැමුනු රන් පදක්කම් සංඛ්‍යාව කොපමණද ?
    202 







19.ටී 56 ගිනි අවි නිපදවන රට කුමක්ද ?
     චීනය







20.ලෝක හෙපටයිටිස් දිනය කවදාද ?
   ජූලි 28 







21.බංග්ලා දේශය වෙනම රාජ්‍යයක් බවට පත් වූයේ කුමන වසරකදී ද ?(බංග්ලාදේශය පකිස්ථාන⁣යෙන් වෙන් වුයේ කවදාද  ?)
     1971







22.ලොව විශාලතම අර්ධද්විපය කුමක් ද ?
   ඉන්දියානු අර්ධද්විපය







23. ලෝකේවැඩිම ජල ප්‍රතිශතයක් ඇති රට කුමක්ද ?
   කැනඩාව







24. ලෝකයේ ලොකුම රට කුමක්ද?
    රුසියාව 







25.නිල වශයෙන් පිළිගෙන ඇත ඇති ලෝකයේ කුඩාම රට කුමක්ද ?
   වතිකානුව 
    
 
     මෙම ලිපි මාලාවේ දෙවන ලිපිය මෙතනින් අවසන් වන අතර .නැවත තවත් ලිපියකින් හමු වෙමු.ඔබගේ අදහස් යෝජනා චෝදනා පහතින් ඇති comment box එක තුල දමන්න.ඔබට හැකි නම් පමණක් මෙම ලිපිය සමාජ ජාල මාධ්‍ය තුළ තුළින් ප්‍රචාරය කර අන් අයටත් බැලීමට අවස්ථාව ලබා දෙන්න.ආර්ථික අපහසුතා  වන්ගෙන් බැට කන සියලු දෙනාටම ,  අවශ්‍යතාවයක් ඇති සියලු දෙනාටම එය ආශිර්වාදයක් වනු ඇත .අපගේ බලාපොරොත්තුව එයයි .



 පුශ්න


01.ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන ලද්දේ කුමන වසරේදී ද ?



02.දේශීය අධ්‍යාපනය තුළ ඇති විභාග ක්‍රමය ඇති කළේ කුමන වර්ෂයේදී ද ?



03.ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ආරම්භ වූයේ කිනම් වර්ෂයේ දී ද?



04.මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘතිය සඳහා නිධන්  වස්තු තැන්පත් කිරීම සිදු වූයේ කුමන  කවදා ද ?.



05. 2016 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද පළමු උදා ගම්මානය කුමක්ද ?



06.2016 වසරේදී ටෙස්ට් කඩුලු 300 පසු කරන ලද ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුරුන් ද ?



07.ඔබ ජීවත් වන රටේ නම කුමක්ද ?



08. 1848 කැරැල්ලේ දී ජාතිය වෙනුවෙන් දිවි පිදූ හිමි නම කවුද ?



09. විද්‍යෝදය පිරිවෙන වර්තමානයේ හඳුන්වන නම කුමක්ද?




10.ප්‍රථම වර්ණ චිත්‍රපටිය කුමක් ද ?


11.මෑතක දී තමාගේ මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ ඇමති වරයා කවුද ?


12. විජය කුමරු ලංකාවට ගොඩ බසින ලද්දේ කවදාද ?.



13.අද වන විට ලොව අධිකම ජනගහනය පවතින රට කුමක්ද ?




14.ඒන්ජල් දිය ඇල්ල පිහිටි රට කුමක්ද ?


15. ලොව කුඩාම මහද්වීපය කුමක්ද ?



16. ලොව විශාලතම රට සහ එය පිහිට පිහිටි මහද්විපය කුමක්ද ?



17. සිරියාවේ  භාවිතා වන මුදල් ඒකකය කුමක්ද ?




18.මේපල් වෘක්ෂය කිනම් රටක ජාතික වෘක්ෂය ද ?



19. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වාසය කරන නගරය කුමක් ද ?



20.මද්‍යසාර සෑදීමේදී නිපදවෙන වායුව කුමක්ද?



21.යුරෝපයේ කෙලිබිම කුමක්ද?



22.ආසියාවේ සුදු අලියා යන නමින් හඳුන්වන්නේ කුමක්ද ?



23.බංගලදේශය අගනගරය කුමක්ද ?



24.පකිස්තානයේ ජන සංඛ්‍යාවෙන්  විශාලතම නගරය කුමක්ද ?



25.  ලෝක ජෛව විවිධත්ව දිනය කුමක් ද?.

Share on Facebook

2 comments:
Write comments
  1. Suppa wadakk bn. Fatta digatama liypan.

    ReplyDelete
  2. Onna mn meakath kiyewwa. Ela ela

    ReplyDelete

ඔබගෙ අදහස්,යෝජනා,චෝදනා ඉහත කොටුව මත යොදන්න.
(Dumindanamal@yahoo.com)