Saturday, September 23, 2017

නීතිඥයෙකු වෙන්න ක්‍රම 3ක්

අද කතා කරන්න යන්නේ කොහොමද නිවැරදි විදිහට ,නිවැරදි  ආකාරයට නීතිඥයෙකු වෙන්නෙ කියන එක ගැන.අපි ගොඩක් දෙනෙක් නීතිඥයා කියන වෘත්තීයට ගොඩක්  ඇලුම් කරනවා.මොකද එම වෘත්තියට හිමිවෙලා තියෙන තැනක්  ඇතැම් වෙලාවට වෙනත් කිසිදු වෘත්තියකට හිමි නොවුණු තරම්.එනිසා බොහෝ දෙනෙකු සිහිනයක් වෙලා තියෙනවා මේ කියන නීතිඥ වෘත්තිය.මේ වෙද්දි ඔබට සිහිනයක් නැත්තම් ඔබේම කියන සිහිනයන් ගොඩ නගා ගන්න දැන් කාලය ඇවිත් ඉවරයි.ඔයා උසස් පෙළ හිතුව තරම් ඉහලින් පාස් වෙන්න බැරි වුනා නම් ඒ කනගාටුව පැත්තකින් තියන්න. මේ ඒකට හොඳම කාලයයි.ඇතැම් විට මෙම ලිපිය නිසා ඔබ තුළ පැවති මිත්‍යා මත බොහොමයක් හමාර වී යන බව ඔබට මෙම ලිපිය අවසානයේදී ඉතා හොඳිීන් සනාථ වෙයි.එහෙනම් අපි අද මේ නීතිඥ වෘත්තියට පිවිසෙන්නේ,  ඒක වෙන්නෙ කොහොමද කියන එක පිළිබඳව පුළුල් ආකාරයෙන් කතා කරමු.

1.නීතිඥ වෘත්තියට පිවිසෙන්න තියෙන ක්‍රම මොනවාද ?

    මේ ගැන කතා කරද්දී නීතිඥ වෘත්තියට පිවිසෙන ක්‍රම තුනක් තියෙනවා.
      1. විවෘත විශ්ව විශ්ව විද්‍යාලය මගින් සම්පූර්ණ කරනු ලබන උපාධිය.
     2.නීති විද්‍යාලය මඟින් සම්පූර්ණ කරන උපාධිය.
     3.උසස් පෙළ ඉහළම z score අගය මත.


2.විවෘත විශ්ව විද්‍යාලය (LL.B) මගින් සම්පූර්ණ කරනු ලබන උපාධිය කියන්නේ මොකක්ද ?,ඒ සදහා තියෙන්න ඕනි සුදුසුකම් මොනවාද?

     විවෘත විශ්ව විද්‍යාලය කියන්නේ ඔයාට ඉතාමත් පහසුවෙන් ඔයාගේ නීතිඥ වෘත්තියට පිවිසෙන පුළුවන් මේ තියෙන ක්‍රම අතරින් ඉතාම සුවිශේෂී ලේසිම ක්‍රමයයි.මොකද ඔබට මෙහි දී සති අන්ත පාඨමාලා සති අන්ත දේශන තුළින් අවුරුදු හතර හමාරකට ආසන්න කාල සීමාවක දී නීතිඥ වෘත්තියට පිවිසීමට හැකියාව ලැබෙනවා .ඔබට රැකියාවක් කරන ගමන් එහෙමත් නැත්නම් තවත් ප්‍රධාන උපාධියක් හදාරන ගමන් වුනත් ඔබගේ නීතීඥය සිහිනය සැබෑ කරගන්න පුළුවන්.
         ඒ සඳහා ඔයාට තියෙන්න ඕන උසස්පෙ පෙළ S සාමාර්ථ තුනක්.ඒක ඕනෑම විෂය ධාරාවකින් උනාට 
ප්‍රශ්නයක් නෑ.මේකට සාමාන්‍ය පෙළ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාවට C අවශ්‍ය නොවේ.කොටින්ම කීවොත් ඉංග්‍රීසි අසමත් වෙලා තිබ්බ කියලා ප්‍රශ්නයක් නෑ.හැබැයි උසස් පෙළ විෂයන් සදහා අවම SSS (S3)තියන්න ඕනෑ.
       මෙය විවෘත විශ්ව විද්‍යාල එනම්රුලංකවේ කුරුණෑගල ,කොළඹ ,අනුරාධපුර ,ගාල්ල,යාපනය වගේ නගර කිහිපයක දකින්න තියනවා.ඒ නිසා කොහෙත්ම ඔබට ඔබේ උපාධි සිදුකර ගැනීමට බාධාවක් වෙන්නෙ නෑ .
     මෙම ආයතනය සදහා විභාගයට අයදුම් පත් කැඳවන්නේ දෙසැම්බර් අග සිට ජනවාරි මාසය පුරාවට.ඒ  සදහා  අයදුම්පත් විවෘත විශ්ව විද්‍යාල ශාඛා වලින් ලබාගන්න පුළුවන් . විභාගය පෙබරවාරි මැද හෝ අග දී පවත් වනු ලබයි.

3.නීති විද්‍යාලය මගින් නීතිඥ වෙන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද ?
    නීති විද්‍යාලය මගින් නීතීඥයෙක්  වෙන්න තියෙන  ක්‍රම අතරින් තියෙන සාර්ථකම ක්‍රමයක් විධියට හදුන්වා දෙන්න පුළුවන්.අවු. 04 ටත් අඩු කාලයකින් ඔයාට නීතිඥයකු වෙන්න පුලුවන්.මෙම ක්‍රමය තුලින් ඔබ විභාගයට මුහුණ දෙන්න නම්  උසස් පෙළ අවම S තුනට අමතරව,සාමාන්‍ය පෙළ විභාගය සදහා අවම C සාමාර්ථයක් තියෙන්න ඕනැ.විභාගය අගෝස්තු අග පවත්වයි.
4. මේ සදහා  පවතින අනික් ක්‍රමය නම් 
            උසස් පෙළ විභාගය තුලින් ලබා ගන්න ඉහලම z අගය මත පදනම් වුන ක්‍රමයයි. ඒ ක්‍රමය තුලින් කොළඹ,පේරාදෙණිය ,යාපනය වගේ විශ්ව විද්‍යාල සදහා ඇතුලු වෙන්න පුලුවන්.නමුත් මේ ක්‍රමය අපහසු ක්‍රමයක් වනු නියතය.

        මෙම ක්‍රමයන් තුලින් සාර්ථක ක්‍රමයක් ලෙස ඉහතින් දැක් වු ක්‍රම දෙක පෙන්වා දෙන්න පුලුවන්.z අගය මතය මත පදනම් වු ක්‍රමය සෑම අයෙකුටම කිරීමට අපහසු ක්‍රමයකි.එම නිසා මෙම ක්‍රමයන් අතරින්ද නීති වීද්‍යාලය හරහා ලබා ගන්න උපාධිය ඉතාමත් කෙටි කාල සීමාවකින් අවුරුද්දකට රු.6000/= වැනි ඉතාම ⁣සුලු මුදලක් ගෙවා සිදු කරගෙන යා හැක. විවෘත විශ්ව වීද්‍යාලය තුලින් ඔබගේ උපාධිය සිදු කරන්නේ නම් ඒ සදහා මාසිකව රුපියල් 3000(වර්ථමාන ගාස්තුව),ගෙවීමට සිදු වේ.නමුත් නිදහසේ ඔබගේ වැඩ කටයුතු අතර දී වුවද උපාධිය සිදු කරගෙන යා හැක.
    මෙම කුමන ක්‍රමයකින් වුවද ඔබට නීතිඥයකු විය හැකි නම් ඔබගේ ජීවිතය වෙනස් වනු නියැතය.මේ සම්බන්ධව පවතින ගැටලු යටින් කමන්ට් කරන්න.
                                                                                 
                                     -දුමින්ද නාමල්-
       

No comments:
Write comments

ඔබගෙ අදහස්,යෝජනා,චෝදනා ඉහත කොටුව මත යොදන්න.
(Dumindanamal@yahoo.com)